Tuesday, September 5, 2017

හැතැම්ම කීයක් අපි ඇවිද්දද





හැතැම්ම කීයක් අපි ඇවිද්දද


මුහුද කරා යන ගමනෙදි
ඇද වැටෙමින් ගල්පර මතින්
නොනැවතී ගලා ගොස්
හුදෙකලා නිම්නයන් මැදින්
ගගක් වෙනවද වෙහෙස කෙතරම්
ඒත් ගගකට හැරෙන්න බෑ ආපහු
දස මසක් කුස දරා
පුංචි දරුවෙකු මුහුණ බලනට
මවක් කෙතරම් දුකක් උසුලයිද
මොනතරම් වේදනා දුන්නත්
ඇයට පුලූවන්ද බැහැයි කියනට
ප‍්‍රසූතාගාරයෙදි
ලියා පෙම්පත් දහසක්
මල් උයන් කෙළවරක
හොරෙන් හාදු දී දසදහසක්
ජාති ආගම් හදහන්
ගළපා නහුතයක් කුණුහරුප
අතපැන් වත්කරන්න හදද්දි
පුලූවන්ද නුඹට පෝරුවෙන් බැසයන්න
නිදිවරා රෑ ගණන්
පාඩම් කර දෙබස්
පුහුණු වී නූලට
මංගල දර්ශනයට
තුන්වන සීනුව නාදවන විට
නාට්‍යකරුවන්ට පුලූවන්ද
වේදිකාවෙන් බැසයන්න
ප‍්‍රැක්ටිස් කරල අම්බානක
දින දිනා ඇවිදින්
වර්ල්ඞ් කප් එකේ
ෆයිනල් මැච් එකේ
ටොස් එක දැම්මට පස්සෙ
මැතිව්ස්ට පුලූවන්ද
ටීම් එකත් අරගෙන ආපහු
කටුනායකට එන්නට
ගුටි කාපු දවස් ගාණ මතකයිද නුඹට
ඒවට ලිව්ව කවි ගාණවත්
මතක නැති කොට මට
ලේසි නැති බව ඇත්ත
ලේසි වෙන්නට ඉඩක් නැති අරගලය
කරන්න පුලූවන් දෙයක් කරල
පැත්තකට වෙන්නට අවසර නෑ අපිට
අරගලය අයදිනව නුඹෙන්
නුඹට වඩා විසල් මිනිසෙක් වෙන්න
කදුළු ගෑස් කොච්චරද
ජල ප‍්‍රහාර මනින්නෙ ලීටර් වලින්ද
බවුසර් වලින්ද
ඇකාල හිරේ උන්නු
දවස් ගාණ කීයද
ඉස්පිරිතාලෙ ඇදන් කීයක්
අපෙන් පිරුණද
ජයග‍්‍රහණයේ නිම්නය සොයාගෙන
හැතැම්ම කීයක් අපි ඇවිද්දද
ලීෆ්ලට් කීයක් බෙදුවද
උගුර ලේ රහ වෙනකන්
කී දෙනෙක්ට කථා කෙරුවද
අවුරුදු කීයක්
එකම හීනයකට සමවැදුණද
මිනිස්සු කී දාහක්
අරගල බිමට ඇදගෙන ආවද
අට්ටාලෙයි වර්ජනෙයි
දවස් ගාණ විතරයි නේද
ඉලක්කන් වලින් කියන්නවත් මතක
සගය මෙච්චර දුර අපි ආවෙ
මේ මොහොතෙ අත්වැල් අතහරින්නද
ගෙයක් ගන්න කාර් ගන්න
ඒ හීන පොඞ්ඩක් කල් දාන්න
බැරිතරම් තාම අපි දුප්පත්ද
පස්සට අඩියක්වත් තියන්න
ඉඩක් කොහෙද අපිට
කොන්දේසි විරහිත අරගලයක
ඉතිහාසයේ සාක්ෂිකරුවන් වූ කලට
හෙට උදාවෙන
කදුහෙල් සමතලාවන දවසට
සිහිනයන් අපි දල්වමු

(රිවිහාර පින්නදුව)

No comments:

Post a Comment