Thursday, August 31, 2017

පෙම්වතිය රකිනා පෙම්වතෙකු ලෙස


පෙම්වතිය රකිනා  පෙම්වතෙකු ලෙස


නලිියනා ලේ නහර වැල් තුල
දෑස් බොදකර
උණුසුම් කරයි හදවත
අපේ උන් එක එකා
කැණ හිවල්ලූ ගොදුරු කරගන්න
දඩයම් බිමකි
සගය මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භූමිය
ඒකාධිපති පාලනය
අවසන් කර ඇත
මානව හිමිකම් කි‍්‍රයාධරයිනි
මේ කේතුමතියේ නුඹලට ආතල්ද
නීතියේ කන්‍යාවිය
රෙද්ද උස්සන් ගාණ ඉල්ලන
මහා පතරංග දාර්ශනිකයො
මාර රැුඩිකල් ෆේස් බුක් වීරයො
ඇග පුරා ගාඞ් දාගත්ත
හයේ හතරෙ STF කාරයින්ගෙන්
භය නැතුව ගුටිකන
සියුමැලි කෙල්ලො ගාව
මටනම් තවත් මාර නැත
බයිබලේ පිටු පුරා
දාහෙ කොළ අලවන
පන්දාහෙ කොළ බෝධිය වටා
එල්ලලා බෝධි පූජා තියන
විකිණෙන එකම නිවනද ස්වර්ගයද
කරපු ලෝකයක
ලේ සුවද දෙන අන්ධකාරය මැද
අරුණෝදයේ සිහින දකිමු
හිරේ යන එකෙක් ගානේ
තවත් සීයක් රතු ධජ අත දරමු
මරණ එකෙක් ගානේ
දාහක් නැගිටින පණිවිඩය
උන්ගෙ කන් අඩි වලට ගෙනියමු   
හෙණ නොඉල්ලා දෙවියන්ගෙන්
මේ පවුරු පදනම් දෙදරවන
හෙණයක්ව අපි පතිත වෙමු
දූෂකයන් මැද
පෙම්වතිය රකිනා  පෙම්වතෙකු ලෙස
අරගලය ආදරෙන් රකිමු අද

(රිවිහාර පින්නදුව)

Saturday, August 26, 2017

සම්මතේ පිංවතුන් අවිදරන්

සම්මතේ පිංවතුන් අවිදරන්


සම්මතේ පිංවතුන්
අවිදරන් අමෝරන්
පේ‍්‍රමයක් සොයනවා
ගිණි තබා වනසන්න
රත්තරනෙ පා තබා
පේ‍්‍රමයත් වරදක්වුණු
ලෝකෙට හොරෙන්
ඇවිද යමු හෙමි හෙමින්
ආදරේ සොහොන් ලකුණු ළග
ඇස් පියාගෙන තදින්
කෝච්චියෙ හදිස්සියෙ හම්බවුණු
ඇස් අගින් යාළුවුණු
ඒ රුවට ඇබ්බැහිවෙලා
වයස් සීමා ඉර පැන්න
අපි ටිකෙන් ටික ළංවෙච්ච
වැහිකෝඩ අදුරු හැන්දෑවක
කුඬේයට ස්ටේෂමේ තනිවෙච්ච
දෙතොළගින් ජීවිතේ රහබලා
ආයෙමත් වෙන්වෙච්ච
හදිස්සියෙ සැරින් සැරේ
රස්සාවට ලෙඩ නිවාඩු වැටුණු
ලෙඩ හොදකරගන්න අපි
ලෝකයෙන් හුදකලාවක් හොයන් ගිය
යන්නෙ කොහෙද දන් නැති
යන්න දිහාවකුත් නැති
තහනම් පේ‍්‍රමයත් අරන්
හෙටත් අපි කෝච්චියෙ හම්බෙන

(රිවිහාර පින්නදුව)

Sunday, August 20, 2017

යන්න එනවද ඔයත් පේවී

යන්න එනවද ඔයත් පේවී


ගසක් නොවී මලක් දරණට
මලක් වන්නෙමි
නුඹත් සමගින්
හෙට උදේ විකසිත වෙන්න
හීන අරගෙන කොහේ යන්නද
ක්ෂිතිජ සීමා ඉරෙන් ඔබ්බට
හාදු තවරමි දෙතොල් අග අද
එයයි සිහිනය ආයෙ මොනවද
වෙරළ බඩ වැලි මාළිගා කුමටද
සදළුතල පිස නැගෙන සුළගට
දෑස් රතුවේද හෙට දින
හිසමත තබාගෙන
කප්පරක් කැළි කසළ
තවත් කොච්චරනම් දුරක්
ඇවිද යා යතුද අපි
රැගෙන යා යුතුම පේ‍්‍රමය
බර වැඩි නිසා අතහරින්නද
දුහුවිලිව ගිය මිනිසුන් අතර
සොයමු ශෛලමය හදවත්
ඒකත් රත්තරනෙ වන්දනාවක්
යන්න එනවද ඔයත් පේවී
කන්ද මුදුනට නැග
දෙවොල වදිනට නොව
දෙවොල ගිණි තබා
සැගවූ ස්වර්ගය සොයන්න
මග කියන්නට පහනක්
දැල්වේද අදුරු නිම්නය කෙළවර
ඉතිං නුඹ අහසක් වෙන්න
මට ඇවිත් පියඹන්න

(රිවිහාර පින්නදුව)


Friday, August 18, 2017

ඔයා ඇවිත් පෙම්වතෙක් වෙන්න

ඔයා ඇවිත් පෙම්වතෙක් වෙන්න


මහ දවාලෙත් ඝන අන්ධකාරය පැතිරුණු
කළුපාට අහසෙ
තරුත් පායන්න භයවුණු
අදුරෙ සැගවුණු තරුවලට දිරිදෙන්න
පහන් තරුවක්ව පායන්න
ඔයත් ඇවිත් පෙම්වතෙක් වෙන්න

මහවැලි කැළණි කළු වළවේ යන ගං`ගා
මුහුදට ගලන්නට භයවී ලතවෙන්නා
කදුඅතරම කැරකී මගබලමින්නා
මහ සැඩ රළක් වී ගලනට මුහුද සොයා
දොළ පහරක්ව හෝ ගලනුව පහළ බලා
ඔයත් එන්න අද පෙම්වතෙක් වෙලා

ගස්වල හැදුනට මල් පොහොට්ටු
පෙති දිගැර විකසිතවුණේ නහැ
පෙති අකුලන්ම පරවෙලා ගියා
සමනල්ලූ හාමතේ මැළවුණා
ඉතිං ගස් අගිස්සක
පුංචි මලක් වී සුවද දෙන්න
ඔයා ඇවිත් පෙම්වතෙක් වෙන්න

සටන් බිම අතනොහැර ඉන්නට
අරගලය හා පේ‍්‍රමෙන් වෙළෙන්න
දහසක් බාධක දරාගෙන
පෙම්වතියගෙ දෑත් අතනාරින
පෙම්වතෙක් වගේ වෙන්න
ඒ ආදරේ පාඩම
ලෝකෙට කියල දෙන්න
ඔයා ඇවිත් පෙම්වතෙක් වෙන්න

(රිවිහාර පින්නදුව)