Saturday, June 3, 2017

වේදනා නාශක නොවෙයි ඈ

වේදනා නාශක නොවෙයි ඈ


හුදෙකලා අන්ධකාරය අද්දර
දල්වලා හසකැන්
එළියවන්නේ ඇයයි
ජීවිතේ ගිම් නිවාලන
රිදුම් දෙන මතකයන් මත
ගල්වලා පේ‍්‍රමයේ ඔසු
වේදනා නාශක නොවෙයි ඈ
සුවයදෙයි නිට්ටාවටම
ආලයට භිය සදන
කොළඹ මංමාවත් දිගේ
දහසක් හඩවල් පරයමින්
ආදරේ හඩනගනවා ඇහෙනවද
සිදුහත් වෙන්න හැකිනම්
යශෝදරාවත් සමගින්
විමුක්තිය සොයාගෙන
අරගල බිමට යන්නට
වෙළදපල මාරසෙන් පරදිමින්
ලෝටස් වටරවුමෙ
ඉතිං අපි විදසුන් වඩමු
මාර දෙවිවරු රගයි
සිහින මවමින් දසත
නොරැවටී මාවතේ
දෑත් බැද ඇවිදන් යන්න
හාදු අනුමෝදන්ව අද
විහාරමහා දේවියෙදි අරහත් වෙන්න

(රිවිහාර පින්නදුව)

2 comments:

  1. ටිකක් සාමාන්‍යයෙන් ලියවෙන ටයිප් එක වගෙයි
    කවිය ලස්සනයි
    වෙනස් විදියට ලියන්න ට්‍රයි කරමු
    නෑමේකයි මට ඕන නෑ මගෙ විකාර රිවිහාර ගෙ ඔලුවට දාන්න ඒත් ටැලන්ට් එක යූස්කරනව මදි වගෙයි
    මට ලියන්න බෑ කියවන්න විතරයි පුලුවන් ඉතිංමේක කිව්වට අමනාප වෙන්ට එපා

    ජය..
    ආයෙත් එන්නම්

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හිතන්නම් මහේශ් ස්තුතියි අදහසට

      Delete