Sunday, September 25, 2016

ජීවිතේට ඕනෙලූ ඔයා ළග හිනැහෙන්න


ජීවිතේට  ඕනෙලූ

ඔයා ළග හිනැහෙන්න


ජීවිතේට  ඕනෙලූ
ඔයා ළග හිනැහෙන්න
මතකයේ පිටු අතර
රෝස පෙති අලවන්න
හිත් කොනක් කොනිත්තන්
පොඞ්ඩක් තරහවෙන්න
ආදරෙන් ආයෙමත්
උණුසුමේ ගුලිවෙන්න
ජීවිතේ තනුවත් පදවැලත්
ඔබවෙන්න
පේ‍්‍රමයේ සිතාරයන්
සංගීතය දෙන්න
අහස දෙස බලාගෙන
මන්දාකිණියෙ කෙළවර හොයන්න
පිච්ච මල් අතුරල
ඉරට පාරක් හදන්න
පාර පේන් නැත්තන්
කණාමැදිරියන්ට අපි එක්ක
එන්න කියන්න
මැක්ඩොනල්ඞ් එකට ගිහින්
බොම්බයිමොටයි කන්න
මගෙ ඩයරිය පීරල
ඔයාගෙ නමත්
තැනින් තැන ලියන්න
ආයෙ හම්බෙන දවසට
ඒ පුරුදු ගස් සෙවණට
ආදරේ අරගෙන එන්න

(රිවිහාර පින්නදුව)


2 comments:

  1. //මැක්ඩොනල්ඞ් එකට ගිහින්
    බොම්බයිමොටයි කන්න// irony
    හොඳ නිසඳැසක් වෙනද ලියන ආරයට නැතුව ලියපු එකක් වගේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔහේ ලියපු එකක්

      Delete