Tuesday, May 24, 2016

ආදරේ ඇහිදින්න


 ආදරේ ඇහිදින්න


මං එක්ක
වෙරළට ඇදෙන
රැළිගාන ගනින්න
ඒ ගාණට හාදු මට
දෙනවද අහන්න
ඉතිං නුඹ ආසද

කණාමැදිරියො අල්ලන්න
උන්ව අහසෙ අලවන්න
දැන් ලස්සනද අහන්න
ඉතිං  නුඹ ආසද

රෝස පෙති බර වැඩිද
සමනළ තටු රළු වැඩිද
ගිණි අව්වෙ සීතළ වැඩිද
කොච්චර ළගින් උන්නත්
තව ළගට එන්නයැයි කියන්න
ඉතිං නුඹ ආසද

සටන් පාඨ මොරදෙන
අරගල බිමක් මැද
හිටි හැටියෙ මා එක්ක
පෙම් ගීයක් ගයන්නට
ඉතිං නුඹ ආසද

පේ‍්‍රමයේ හුස්මකටත්
තියෙනවද මොන තරම් අගයක්
කාසි කොළ අතර එය
ඇත්තටම අරගලයක්
ඒ සටන ඇවිළෙනකොට
හදවතත් ගිණි අවියක්
ඒ සටන දිනනදා
ඉතිං නුඹ ආසද
ආදරේ ඇහිදින්න

(රිවිහාර පින්නදුව)

4 comments:

  1. ////සටන් පාඨ මොරදෙන
    අරගල බිමක් මැද
    හිටි හැටියෙ මා එක්ක
    පෙම් ගීයක් ගයන්නට
    ඉතිං නුඹ ආසද///////

    අරගල බිමේ ප්‍රේමයන් ගැන කවියන්ගේ අතින් ලියවෙනවා මදි කියලා මට හිතෙනවා. මම මේ කොටසට වඩාත් කැමතියි. හිත ඇතුලේ පොඩි චිත්‍රයක් ඇඳුනා.

    ReplyDelete
  2. කවියනම් ලස්සනයි. නමුත් මෙහෙම විප්ලව කාරයෝ පස්සේ ගිය පෙම්වතියො ගොඩක් පස්සේ ඉච්චා භංගත්වයට පත්වුණා කියල තමයි දන්නේ.

    ReplyDelete
    Replies
    1. විප්ලවකාරයො නෙමෙයි ඒක පේමවන්තයින්ට පොදු කාරණයක් ගොඩක් දෙනෙක්ට. පෙම් කරණ කාලෙ තමන් හිතින් මවා ගන්න කෙනෙක්ට ආදරේ කරල ඇත්ත ස්වරූපය එක්ක ගැටෙද්දි ඉච්ඡා භංගත්වයට පත්වෙනවා

      Delete