Monday, January 18, 2016

තනි මිනිහෙකුගේ අභියෝගය

තනි මිනිහෙකුගේ අභියෝගය


මාංචු දාගෙන යනකොට
කෑගල්ල උසාවියට
උස්සන්නෙ නෑ අත් උජාරුවෙන්
කුමාර් ගුණරත්නම්

පැහැරගත්තම එදා
රාජපක්ෂගෙ මිනීමරුවන්
ජේවීපී නායකයො කිව්වෙ
දන්නෙ නෑ එහෙම කෙනෙක්

‘නිදහස් කරව් කුමාර්!’ කියනකොට
බලන් හිටියා අවඥාවෙන්
සමාගම් විධායකයො, ලිපිකරුවො
චින්තනයෙන් වහල්ලූ

ඉඩක් නෑ පත්තරවල
චැනල්වල නිව්ස් කෑලි
වෙබ් නිව්ස් ගන්නෙත්
බයිට් එකටයි කුමාර්

කාටවත් කෙළින් කියන්න බැරි
මොකෙක්ද ඌ....
පැනගන්න හදන උන්ගෙ රටේ
පුරවැසිකමට මේ තරම් නහින?

කවුරුවත් දන්නෙ නැති
කවුරුවත් පෙනී නොසිටින
රටම දන්න කලූ තට්ටයා
පේමකුමාර් ගුණරත්නම්

පේරාදෙණි සරසවියෙ
මිතුරන් අතර ගුණ්ඩා
පෙරටුගාමීන්ගෙ දරුවන්ට
සිංදු කියන කලූ මාමා

උපන්නෙ කෑගල්ලෙ
සරසවිය පේරාදෙණියෙ
සටන් කළේ තිකුණාමලේ
හිරබත් කෑවෙ බෝගම්බර

සටන් කළේ රැකෙන්නත් නොවේ
හිරේ ගියෙ තනියමත් නොවේ
පැනගත්තෙ පැනගන්න නොවේ
පල ගියෙ අතහරින්න නොවේ

ඉල්ලූවේ වීසා තව කාලයක් ඉන්න
දුන්නෙ නෑ උත්තර උන්
ඉල්ලූවත් පුරවැසිකම
උත්තරයක් නෑ උන්ගෙ

කවියො ලියන්නෙත් නෑ කවි
කවියක් වගේ ජීවිතය ගැන
බෑ උන්ට ලියන්නත්
නෑ දන්නෙ එහෙම පුවතක්

කියවගන්න හිතක් නෑ
පම්පෝරි ගහන ලියන මහත්තුරුන්ට
සටන් කරන්න පනක් නෑ
කොම්පැනියෙන් දෙන තීන්තවලට

පීඩිත පරපුරක් වෙනුවෙන්
අවි අතට ගත් වරදට 
සිරගෙයි බිත්තිවල පසා කළ
මිනිසුන් අතර මිනිහෙක් කූඩුවක

නිහඩය සවේදී කලාකරුවො
බැරෑරුම් විද්වතුන් වෙනතක් බලාගෙන
සමාජ කරි වියාකාරින් දන්නෙවත් නෑ
එහෙම සිරකරුවෙක් ගැන....

මානව හිමිකම් සටන්
දේශපේරිම මී ඉල්ලීම්
පුරවැසි සංදේශ
නෑ මේ කිසිවක්

ඌ තනි මිනිහෙක්...

අරගලයෙ තනි නොවුණු
සටන් සගයෙක්
හිරගෙදරදිත් තනි වී නැති
තවත් එක් සිරකරුවෙක්
----------------------------------------------
(පේමකුමාර් ගුනරත්නම් සහෝදරයා සිරගතකර දින පනහක් ගතවීම නිමිත්තෙන්)

2 comments:

  1. ඔයා අනිත් අය ලියන ඒවා දන්නේ නැති නිසා ලියපු කවියක් මේක. ඉන්න කුඩුවෙන් එලියට ඇවිත් වටේ ඇවිදලා බලන්න. ඕගොල්ලන්ට තියන ප්‍රශ්නයක් නේ ඕක.
    http://nokieekatha.blogspot.co.uk/2016/01/blog-post_8.html
    http://www.w3lanka.com/2016/01/blog-post_22.html
    http://kolambagamaya.blogspot.co.uk/2015/11/blog-post_9.html
    http://sathhanda.lk/political/1494-2016-01-26-04-29-51
    පක්ෂය ඔය ගත්ත තීරණයේ වැරැද්දක් තියනව කියල ඔයාලට ඇරෙන්න අනිත් හැමෝටමත් තේරෙනවා. නමුත් කුමාර් දේශපාලනයේ සිටිය යුතු අයෙක් කියල අපි හැමදාම කියනවා.

    ReplyDelete
    Replies
    1. පළවෙනි කාරණය මේක මං ලිව්ව දෙයක් නෙමෙයි. දෙවෙනි එක ආත්මීයව ගන් නැතුව මෙතන තියෙන්නෙ පොදුවෙ තියෙන දෙයක් ගැන ලියපු කෙනාට දැනුණ දෙයක් කවුරුවත් පෙනී නොසිටිය නෙමෙයි. පක්ෂය ගත්ත මොන තීරණය ගැනද කියල තේරුන් නෑ අදහස් කළේ

      Delete