Sunday, March 29, 2015

විත්ති කූඩුව මතට.................


විත්ති කූඩුව මතට.................


හද පුදසුන මත 
ආදරෙන් වඩාහිදවපු
පූජනීය මතකයන්
කිළිටි වන්නට 
දෙන්නෙ කොහොමද
අඬ බිහිරි වන්නෙමි
නොපෙනෙන්න නොඇසෙන්න
බිම බලන් නගින්නෙමි
විත්ති කූඩුව මතට

( රිවිහාර පින්නදූව )

( https://www.facebook.com/photo.php?fbid=805751146168304&set=a.169941886415903.41399.100002002790094&type=3&theater )

මං දැක්කනෙ හීනයක්....................


මං දැක්කනෙ හීනයක්....................


නුඔ දන්නවද 
මං දකිනවා හීනයක්
භිය ගෙනෙන හිත රිදෙන
අපේ සිත් අහස පුරාවට
කළු වළාකුළු පිරුණු
කදුළු කැට ඉහ ඉහ ඇවිද
බිදුණු හදවත්
කැබලි ඇහිදින
සුසුම් බර වී
උසුල ගන්නනට නොහැකි
සිත් පොළවේ ගැසෙන
මතකයන් පිහි තුඩු රැගෙන
යනෙන හැම තැන
දකින හැම මුව
හදේ ගැඔුරට දමා අනිනා
ක්ෂිතජයෙන් ඈතට
සිත යවන්නට තනන
ඒත් එක තැන
ආයෙ ආයෙම පැදකුණු කරන
මහා භියකරු හීනයකි එය
නුඔ සිනහ මුව
මට අහිමි කළ
කුමට බය වෙන
මේක හීනයක්නෙ
ඒත් ඇත්ත වගේමයි
ඇහැරෙනකන් බලන් ඉන්නෙ
නුඔට කියන්න
මං දැක්කනෙ හීනයක්
ඔයා මං ළග නැති

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=805292149547537&set=a.169941886415903.41399.100002002790094&type=3&theater )

Saturday, March 21, 2015

හදවතට පෑගෙයි බිම් බෝම්බ..............


හදවතට පෑගෙයි බිම් බෝම්බ..............


පා තබන්නට භිය ගෙනෙන
බිම් කඩකි දැන් බුකිය
බිම් බෝම්බ වැළලුව
තබන අඩික් පාසාම
හද ගැහෙයි සලිතව
හිත රිදෙන යමක් පෑගී
පුපුරා යද්දි ආත්මය
ආයෙ ආයෙම ආයෙ ආයෙම
හදවතින් ගලන ලේ
කදුළු වී පිට වෙන්න
ඉඩක් ඉල්ලයි නිබද
පෑගෙනා කල මේ බිම් බෝම්බ
කකුල නොව හදවතයි
කැඩී වෙන්වී යන්නෙ..................

( රිවිහාර පින්නදුව )

එක් දහස් රැයක් 
නෙක කවි අසා 
එක් රැයක් තිබියදී 
පිටව යමි. 
නොලියූ කතා 
එකිනෙක ගොතා 
පොසිලයක් වෙනු පිණිස 
වළලමි .

( වෙරේනියා ස්පාටකස් )

( https://www.facebook.com/photo.php?fbid=804442916299127&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

ඉතිං රසද යහපාලන ලොලි පොප්..........


ඉතිං රසද යහපාලන ලොලි පොප්..........


ඉස්සර කෑම කවද්දි අම්මල හද මාමා කිරියි පැණියි ගෙනත් දේවි වගේ ගොඩක් කථා කියනව හැබැයි වැඬේ කරව ගත්තට පස්සෙ අන්තිමට තාත්ත වැඩ ඇරිල එද්දි ගේන ටොෆියක් ලොලි පොප් එකක් වගේ දේකට වැඩියෙන් දෙයක් ලැබෙන් නෑ. ලංකාවෙ මහේශාඛ්‍ය දේශපාලනය ඇතුළෙ තරුණයට අත් වෙලා තියෙන්නෙ ඒ වගේ ඉරණමක්. හැමදාම කිරියි පැණියි දෙන්නම් කියනව ඒත් වෙන්නෙ ලොලි පොප් උරව උරව ඉන්න. 
මැතිවරණයෙන් පස්සෙ තිබ්බ රූපවාහිණී සාකච්ඡුාවකදි ජනාධිපතිවරය කියනව එයාගෙ ජයග‍්‍රහණයට තරුණයන්ගෙන් විශාල සහයක් ලැබුන විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි වල තරුණයන්ගෙන් විශාල මෙහෙයක් උනා කියල. විශේෂයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුළිනුත් ඊට බාහිරවත් සංවිධානය වෙන තරුණ බලවේග දේශපාලන කි‍්‍රයාකාරීත්වය තුළ තීරණාත්මක සාධකයක් බවට පත්වෙන ආකාරය ලංකාවෙත් ඉන් පිටත් අපිට දිගින් දිගිටම දැක ගන්න ලැබුන. මේ අයගෙ විශේෂත්වයක් වුනේ සංවිධිත දේශපාලන ව්‍යාපාරයන් සමග සම්බන්ධ නොවී හුදෙක්ම පෞද්ගලික මට්ටමින් සකී‍්‍රය වීමයි. ලංකාවෙත් ආසන්න දේශපාලන අත්දැකීම තුළ යහපාලනය උදෙසා වුණ තරුණ පෙළගැස්ම තුල මෙම ලක්ෂණය දකින්න ලැබුන. මේ තත්වයේ නිවැරදි හරස් කඩක් ඒ දවස්වල ෆේස් බුක් වෙබ් අඩවියේ ගැවසුනානම් දැක ගන්න ලැබුණ. මහින්ද මෛතී‍්‍ර විවාදය ඇතුළෙ වීරයන් වුනේ මෛතී‍්‍ර හිතවාදී පිරිස්. විශේෂයෙන්ම මහින්දගේ හා ඔහුගේ හිතවතුන්ගේ ග‍්‍රාම්‍ය හැසිරීම් මෙම පිරිසගේ පිළිකුලට භාජනය වුණා. දේශපේ‍්‍රමය, කුඩා ළමුන් වඩාගෙන සිප වැළද ගැනීම වගේ දේවල් සාමාන්‍ය ජනතාවට පොදුවේ යම්තාක් දුරකට තවදුරටත් වළංගු උනත් මේ කොට්ඨාෂය තුළ එය ඔවුන්ගේම භාෂාවෙන් කියනවානම් ගොන් පාට් වී තිබුණි. මේ පිරිස ඉතා අවංකව යහපාලන සිහිනය දුටු අතර මහින්ද හිතවාදීන් හුදෙකලා වෙන තත්වයක් ඇතිවිය. එනමුදු සිංහළ බෞද්ධ ජාතිකවාදී පදනමකින් මහින්ද හිතවාදී, නිවැරදිවම පැවසුවහොත් මහින්දවාදී විශාල තරුණ පිරිසක් සිටි බවද අමතක නොකළ යුතු කරුණකි. වමේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින පිරිස් වැනි විකල්ප නියෝජනය කළ පිරිස් මේ අයට පෙනුනෙ මේ වෙලාවෙ කරන්න  ඕනෙ දේ කරන් නැතුව වැඩකට නැති දේවල් කරණව,  ඕකෙන් මහින්දට උදව්වක් වෙන්නෙ වගේ විදිහට. පස්සෙ ඔවුනුත් ටික ටික තරහ කාරයො බවට පත්වුණා .
තරුණ පිරිස කළමණාකරනය අධිපති දේශපාලනය තුළ ඉතා වැදගත් කාරණයක් විය. තරුණයින් ක‍්‍රම විරෝධී භාවිතයකට නොගොස් තමන්ට පාලනය කළ හැකි සීමාවක් තුළ ඔවුන්ව රදවා ගැනීමට පාලකයින්ට අවශ්‍යය. ඒ සදහා ඔවුන්ගේ ආවේගයන් පිට කර ගැනීමට ඉඩ සදා දීම මේ තුළම සිදුවෙයි. එය උදාහරණයක් විදිහකට වැවක වැව් බැම්ම ආරක්ෂාකර ගැනීමට එම පීඩනය කළමණාකරනයට පිටවානක් සාදනවා වැනි දෙයකි. අනාගත ජීවිතය පිලිබද අස්ථාවරත්වය, හිමිකර ගන්න ඉඩක් නැති ඔළුව උඩ ගොඩ ගැහුව මහා බර හීන, ළමා කාලය තරුණ කාලය අහිමි කරගෙන උපන් දවසෙ ඉදන් දුවන තරගෙක තමන්ට තමන් අහිමිවුණ ජීවිතයක අපිටවත් නොතේරෙන අපි ඇතුළෙ පැසව පැසව තියෙන පීඩාව මේ හැම දේකම ආතතියන් මහින්ද විරෝදය වගේ තැනකට ගොනු කරන්නට ඔවුන් සමත් වුණා. මේ ප‍්‍රශ්න වලට සැබෑ විසදුම් හොයන්න තරුණ පරපුර යොමුවුණානම් පාර්ලිමේන්තුවෙ මොන පැත්තෙ හිටියත් පාලකයො හැමෝටම ඒක තර්ජනයක් වෙනව. උදාහරණයකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ගත්තොත් අධ්‍යාපනයට ආලව සරළ රැුවටීම් වලින් ඔබ්බට සැබෑ විසදුම් දිසාවට සැළකිය යුතු දුරකට ශිෂයින්ව පෙළගස්වන්න ඔවුන් සමත් වෙලා තියෙනව. අසාධාරණයන් හමුවේ ශිෂ්‍යයින් තුළින් මතුවෙන ආවේගයන් පාලකයින්ගෙ කේවල් කිරීම් ඇතුළෙ දියවෙන්නට දෙන් නැතුව සැබෑ විසදුම් ලැබෙන දීර්ඝකාලීන අරගලයන්හි දිසාවට එම නැගිටීම් යොමුකරවීමට ඔවුන් උත්සහ ගන්නව අපට දැකගත හැකිවිය. මේ භාවිතාව එම ප‍්‍රශ්න වල හරයන් ආමන්ත‍්‍රණය කරයි. එලෙසම එම අරගල තුළ බලවේග පෝෂය වෙයි. ලංකාවේ නූතන තරුණයාට පසුගිය සමය තුළ මග ඇරුණේ මෙම භාවිතාවයි.
ගොඩක් දෙනෙක් කිව්ව දෙයක් තමයි සමාජය වෙනස් කරන්න  ඕනෙ ඒක හරි ඒත් මේ වෙලාවෙ මහින්ද එළවල ඉමු වගේ දෙයක්. අනිත් පැත්තෙන් දේශපේ‍්‍රමී මිථ්‍යාවත් කි‍්‍රයාත්මක වුණා. කි‍්‍රකට් කී‍්‍රඩාවෙදි පන්දු යවන්නෙකුගෙන් දුර්වල පන්දුවක් ලැබුනම ඒ අවස්ථාවෙන් ප‍්‍රයොජන අරන් ලකුණු රැස් කරන්න  ඕනෙ මොකද දක්ෂ පන්දු යවන්නෙකුගෙන් ඒ වගේ පන්දු නිතරම ලැබෙන් නෑ. තරුණයින් තුළ ඇතිවෙච්ච යම් ආකාරයක අවදිවීම අන්තිමට කොතන්ටද ලඝුවුණේ? සරළවම අභ්‍යන්තර ප‍්‍රශ්න නිසා බලය අහිමිව සිටි එජාපය ගොඩ දැමීම වගේ තැනකට එය සීමාවුණා. සමාජ වෙනසක් කෙසේ වෙතත් වඩා යහපත් සමාජයක් දිසාවට වූ අරගලයකට තරුණයන් ගොනුකරගන්න, ඔවුන් දියුණු කරන්න, ඔවුන්ව සකී‍්‍රය කරන්න මේ ගොඩනැගුණු දේශපාලන වටපිටාව ප‍්‍රබලව යොදා ගැනීමට ඉඩතිබුණ. ඒත් එදාට ගිහින් ඡන්දය දාල උදම් ඇනීමෙන් පස්සෙ ඔවුන් නැවත ක‍්‍රමිකව ෆේස් බුක් එකේ බල්ලන් පූසන් ෂෙයාර් කරමින් පුරුදු අකී‍්‍රයත්වයටම නැවත ගමන් කරමින් තිබෙනව. යම් කෙනෙකුට මේ මේ අය විදිහට ඇතමුන්ව පෙන්වන්න පුළුවන් උනාට අපි බලන්න  ඕනෙ තරුණයින් බලවේගයක් විදිහට දියුණුවක් අත් කර ගත්තද කියන කාරණයයි. අළුත් පරපුර වගේ සංවිධාන වල කි‍්‍රයාකාරීත්වය සාධනීය විදිහට දකින්න පුළුවන්. නමුත් එම කි‍්‍රයාකාරකම් තුළ තියෙන විනෝදයෙන් ඔබ්බට කල් පවත්නා සමාජ ප‍්‍රගමනයක් වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ගැටළු සහගතයි. ඒ වගේම ඒ ආමන්ත‍්‍රණය සීමිත නාගරික තරුණ ප‍්‍රජාවක් වෙතට පමණක් සීමා වෙන ආකාරයක් අපිට දකින්න පුළුවන්. එතනින් ඔබ්බට මේ සීමිත සංවාද අවකාශයෙන් බැහැර තරුණ පිරිස් වෙත ප‍්‍රවේශය කොහොමද කරන්නෙ?
මෙවර මැතිවරණයෙදිත් තරුණයින්ට සරුව පිත්තල පොරොන්දු ලැබුණ. නොමිළේ විෆි පහසුකම් දෙනව කිව්ව ඒත් අද ඒක දුන්නත් දුම්රිය ස්ථාන වලට සීමා වෙන ස්වාභාවයක් දකින්න පුළුවන්. එයත් කොළඔ ප‍්‍රධාන දුම්රිය ස්ථාන වලට. අධ්‍යාපනයට අදාලව 6% අචාර්යවරුන් ඇතුළු පිරිස් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට අදාලව ප‍්‍රධාන පොරොන්දුවක්. නමුත් සිදුවුණේ කුමක්ද? එය ප‍්‍රතිපත්තියක් විදිහට නාමිකව අතුරු අයවැයට ඇතුළත්වුණා පමණයි. මහා සටනක් දිනුවා සේ බොහෝ විශ්ව විඉාල සිසුක් ඇතුළු පිරිස් සමාජ ජාල වෙබ් අඩවි පුරා ජය සැමරුව. නමුත් සැබෑ ප‍්‍රතිපත්තිය හෙළිවෙන්නෙ කි‍්‍රයාකාරීත්වය ඇතුළෙයි. විවෘත විශ්ව විඉාලයෙ සිසුන් ගාස්තු 120% කින් වැඩි වීමට එරෙහිව දින 100කට ආසන්න කාලයක ඉදන් සත්‍යග‍්‍රහයක නිරතවෙනව. ඊළග අයවැයෙන් අධ්‍යාපනයට 6% වෙන් වෙනවනම් අද අධ්‍යාපනයට වෙන් කරණ මුදලත් එක්ක හාස්‍යට මෙන් සංසන්දනය කළොත් අද ලියාපදිංචියෙදි සිසුන් ගාස්තු ගෙවනව වගේ එහෙම වුණොත් වෙන් වෙන මුදලෙ වැඩි වෙන ප‍්‍රමාණයත් එක්ක බැලූවොත් ලියාපදිංචියෙදි ශිෂ්‍යයින්ගෙ අතට ගාණක් දෙන්නත් පුළුවන්. ඒත් යථාර්තය ඇතුළෙ යහපාලන ආණ්ඩුව ඇතුළෙත් එම සත්‍යග‍්‍රහය දින 50ක් ගතවෙලා. තාම පාලකයො ගාස්තු අඩු කරන්න නෙමෙයි නව අධ්‍යන වසරට වැඩි කරන් නැතුව ඉන්න එක සම්බන්ධයෙනුත් මුනිවත රකිනව. පාසල් වලට මුදල් අය කිරීම නීත්‍යානු කර ගැනීමට පනත් සම්මත කරණව. 6% වෙනුවෙන් කථා කරපු සමහර අයගෙන් කන් කෙදිරියකට වඩා දෙයක් මේවට ඇහෙන් නෑ.
බොහෝ අඩහැරයන්ට තර්ක විතර්ක වලට පසු ඉතිහාසය තුළ පුරුදු පරිදිම ධනේෂ්වර පාලකයන්ගේ උගුලකට, රැවටීමකට අප හසුව ඇත. සුනඛයෙකුට අළුත් දම්වැලක් ලැබුන විට විදින සතුටක් අපිද විද ඇත. කිරියි පැණියි හද මාම දේවි කියල බත් කවා ගත්ත වගේ මෙවරත් තරුණයින් ලැබී ඇත්තේ උර උර ඉන්නට ලොලි පොප්ය. සිහිනයන්ගෙ අවදිව සැබෑ විසදුම ඇති දුෂ්කර මාවත දෙසට අද අදම එක පියවරක් හෝ තැබිය යුතුව ඇත.
( රිවිහාර පින්නදුව )
    ජනරළ


Wednesday, March 18, 2015

පා කරමි හැගීමක්


පා කරමි හැගීමක්


මුදලින් හැකිද මනින්නට
හදට දැනෙනා හැගීමක බර
වචනෙන් හැකිද කියන්නට
අගයක් කොහොම කාටද
තුති පුදා හාදුවක්
තවරන්න නළලතක
ඉඩක් නැති අද දිනක
පා කරමි හැගීමක්
අහුලාගනු පිණිස

( රිවිහාර පින්නදුව )

(https://www.facebook.com/photo.php?fbid=797105797032839&set=pb.100002002790094.-2207520000.1426682378.&type=3&theater)

සුවද මා ළග රදවලා....................


සුවද මා ළග රදවලා....................


උඩ සුළගෙ පාව ආ
නන්නාදුනන මලක් ලෙද
ආවේ කොතනින්ද
යන්නේ කොතැනටද
දන්නේ නැතිව ඈ
විකසිතවුණා මගෙ දෑත මත
ලෝකයක් කර මාව
සිනිදු පෙති රිදුනාද
කදුළු බිදු නැගුනාද
චණ්ඩ සුළගින් ඈව
රැුකගන්න මට බැරි වීද
තැලුණු මල් පෙති
රිදුම් දෙන සද
නුඔ දන්නෙ නැතුවාට
ඇඩුව මං හැම රෑම
සින්නක්කර ඈව
හිමිනොවුණු පමණට
අවපැහැවේද පේ‍්‍රමයක්
මල් කැකුළි අරගෙන 
ගියත් විදි සුවද කවුරුන්
කෙලෙස අරගම්ද
මටම හිමිවුණු
හද ගැඔුරෙ රැදවුණු
ඉතිං
මට වඩා සුන්දර
ලොවක් ඔහු හෙට
සදයිනම් නුඔ නමින්
තරහ නෑ මං
යන්න ඈතට පාවෙලා
සුවද මා ළග රදවලා

( රිවිහාර පින්නදුව )

(https://www.facebook.com/photo.php?fbid=803155129761239&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

හදිසි ඇමතුම


හදිසි ඇමතුම


හදිස්සියකට කතා කළේ
ඔයාගෙ කටහඩ අහන්න
ඕනෙ හන්දනම් නෙමේ
ඉර පායන්නෙ
කොයි පැත්තෙන්ද
කියල අහගන්න

( රිවිහාර පින්නදූව )

( https://www.facebook.com/473966212758141/photos/a.473974999423929.1073741828.473966212758141/474401326047963/?type=1&theater )

Saturday, March 14, 2015

හදවතේ ඇවිදින්න ඇතිතරම්..........


හදවතේ ඇවිදින්න ඇතිතරම්
ඒත් මතක ඇතුව
හෙමිහිට අඩිය තියන්න

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/473966212758141/photos/a.473974999423929.1073741828.473966212758141/473979799423449/?type=1&theater )





ඕං 6% අධ්‍යාපනයට............


ඕං 6% අධ්‍යාපනයට............


ආණ්ඩුව අයවැයෙන්
6% ප‍්‍රතිපත්තිය පිළිගත්ත
මස් කඩේ මුදලාලි පෝයට
පන්සලේදි පන්සිල් ගත්ත

( රිවිහාර පින්නදුව )

(https://www.facebook.com/473966212758141/photos/a.473974999423929.1073741828.473966212758141/473975159423913/?type=1&theater )


සමනල්ලූ සිරීපාදෙ ගියාද?


සමනල්ලූ සිරීපාදෙ ගියාද?


- කෝ අම්මෙ සමනල්ලූ?
-උන් සිරීපාදෙ ගිහින් පුතේ
-ගේ ලොකු කරන්න
පිච්ච පදුර කපපු දවසෙද
උන් ගියෙ?

( රිවිහාර පින්නදුව ) 


Friday, March 13, 2015

අපි තවත් නරඹන්නෝ නොවෙමු............


අපි තවත් නරඹන්නෝ නොවෙමු............

                  
                  ඉස්කෝලෙ තුන වසර පන්තියෙ පන්ති නායකය පත්වුණේ වාර විභාගවල ලකුණු ගන්න පිළිවලට. ඉතින් පන්තියෙ මුල් දහදෙනාගෙන් එහාට කාටවත් පන්ති නායකය වෙන්න බැරිවුණා. තුන වසරෙ විවේක වෙලාව දැනුම් දෙන සීනුව තිබ්බෙ අපේ පන්තියෙ. පන්ති නායකයට විතරයි  ඕක ගහන්න පුළුවන්. ඒ දවස් වල අපිට සීනුව ගහන එක හරිම ආස්වාදනීය වැදගත් කටයුක්තක් වුණා. පන්ති නායකය සීනුව ගහද්දි අනිත් අය වටේට කට ඇරන් බලන් ඉන්නව. ඔය අතර දවසක පාසලේ අළුත් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයක් පැවැත්වුණා. ඒකෙ ආරාධිත අමුත්තන්ට බුලත් දීල පිළිගන්න භාරවුණේ තුන වසරට. ඉතින් පන්තියෙ පසුගිය වාරවිභාගෙ වැඩිම ලකුණු ගත්තු පස් දෙනාව ඒකට තෝරගත්ත. එක පාරටම තුන වසරට යන්න හිතුනෙ මහා සමාජයෙ දේශපාලනයත් වැඩිම ලකුණු ගත්තු ළමයට සීනුව ගහන්න ලැබෙනවට සමානයි කියල හිතුන හින්දයි.
මේ දවස් වල දේශපාලන කරළිය බලන්න ලස්සනයි. කාලයක් යුද්ධෙ බලල ආස්වාදනය කළා වගේ තමයි අපි දැන් රූපවාහිනියෙ සජීවීව විකාශනයවන එක එක පක්ෂවල මාධ්‍ය සාකච්චා බලන්නෙ. වෙනද ප‍්‍රවීන+, වසූදා බලල පහුුවෙනි දවසෙ ඔෆිස් එකෙයි, බස් එකෙයි හැම තැනම ටෙලි නාට්‍යයෙ වෙච්ච දේවල් කතා කළා වගේ තමයි අපි දැන් හැම තැනම පක්ෂ මාරුකිරීම්, දේශපාලන බෙලි කැපීම් ගැන කථා කරන්නෙ. කි‍්‍රකට් තරගයක මාලිංග විකට් එකක් ගන්නකන් බලන් ඉන්නව වගේ තමයි ආණ්ඩුවෙන් ඊළගට පනින්නෙ කවුද කියල බලන් ඉන්නෙ. නළුවො ටිකක් වේදිකාවෙ රගපානව අපි විසිල් ගගහ බලන් ඉන්නව. වේදිකාව පිටිපස්සෙ ඇත්ත කථාව දක්න්නෙවත්, මේ වේදිකාවට ගොඩවෙන්නවත් කාටවත් අදහසක් නෑ. හැමෝම නරඹන්නො වෙලා. හරියට තුන වසරෙ පන්තියෙ නායකය සීනුව ගහද්දි වටේට වෙලා බලන් හිටපු ළමයි වගේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙ මහගෙදර වෙච්ච ගී‍්‍රක පෞර රාජ්‍යය වල පාලනයට නගරයෙ සියළුම පුරවැසියො මැදිහත්වුණා කියනව. හැබැයි වහල්ලූයි කාන්තාවොයි හැර. කාන්තාවන් ලිංගික වෙනස මත ආන්තී‍්‍රකරණයට ලක්කිරීම පිළිබද සංවාදය ටිකකට පැත්තකින් තියල වහලූන් ගැන කථා කළොත් එක් වහල් හිිමියෙකුට වහල්ලූ දෙතුන් දෙනෙකුගේ සිට සිය දහස් ගණනක් වෙනකන් ඉන්න ඇති. ඒ අනුව ගී‍්‍රක පෞර රාජ්‍යය වල සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පවා සකී‍්‍රය වුණේ, අවස්ථාව හිමිවුණේ ඉතා සුළුතරයක්වූ පිරිසකට පමණයි. සමාජය වැඩවසසම්, ධනේෂ්වර යුගයන් කරා ගමන් කරද්දිත් මේ බහුතරය ‘‘බලය’’  නැමැති නැමැති විෂයෙන් ඈත්කර තැබීම සිදුවුණා. ආසියානු නිෂ්පාදන ආර්ථික රටාවන් තුළ පවා මෙම තත්වය දැක ගත හැකියි. රජුගේ පටන් පහළට රාජ්‍ය නිළධාරී ධූරාවලිය පුරාවට ගම් මට්ටම දක්වාම පැවතියේ එක්තරා සුළු පිරිසකගේ පාලනයකි. යටත් වැසියන්වූ සාතිශය බහුතරයට සිදුවන්නේ කුමක්දැයි දළ අදහසක්වත් නොවූ අතර ඔවුන් බලය හෝ රාජ්‍ය කියා දැන සිටියේ තමන් අස්වනු නෙළන කාලයට ආයුධ සන්නද්ධ රාජ පුරුෂයන් පැමිණ අස්වැන්නෙන් සැළකිය යුතු කොයසක් රැුගෙන යන බව පමණි.
                අස්වැසුම චිත‍්‍රපටයේ එක් දර්ශනයක ග‍්‍රාමීය නිවසක දරුවෙකුට ඉතා අසාධ්‍යව ගම් වැසියන් ඔහුව වෛiවරයෙකු වෙත රැුගෙනයයි. ඒ ලංකාවට බි‍්‍රතාන්‍යයින්ගෙන් ඊනියා නිදහස ලද දිනයයි. වෛiවරයාගේ බංගලාවේ බි‍්‍රතාන්‍ය ජාතිකයාන් හා එම ප‍්‍රදේශයේ දේශීය ප‍්‍රභූන් රැුස්වී නිදහස සැමරීමට සාදයක් පැවැත්වෙයි. අර ගම්වැසියන් ගේට්ටුව අසළට වී ප‍්‍රතිකාර ගැනීමට විදිහක් නොමැතිව බලා සිටී. ඔවුන්ට මේ සිදුවන දේ ගැන අවබෝධයක් නැත. ඔවුන් ‘‘ සුද්දො මහත්තයලට මොකක්ද දීලලූ කියන්නෙ’’ ලෙසින් කථා බස් කරයි. සැබවින්ම සුද්දො මහත්තුරුන්ට මොකක්දෝ දී ඇත. එය පීඩිත පන්තියේ ජනතාවට අදාල නැත. ලොව සෑම තැනකම ඒ මොකක්දෝ එක හිමිවී ඇත්තේ මහත්තරුන්ටමය. පීඩිත පන්තියේ මිනිසුන්ට සිදුවී ඇත්තේ ගේට්ටුව අසළට වී ඒ මොකක්දෝ එක දිහා බලා සිටීමටය. 
අද දවසේ ඡුන්ද දායකයාගේ භූමිකාවද වහලූන්ගේ භූමිකාවට වැඩි වෙනසක් නොමැත. තමන්ව සූරා කන යාන්ත‍්‍රරණය කි‍්‍රයාත්මක කරන්නන් ඇද සිටිය යුත්තේ මොන පාට කමිසයක්දැයි තීරණය කිරීමේ හැකියාව ඔහුට ලැබී ඇත. තමනුත් එම පාට කමිසයක් ඇද තමන් පාලන බලය ලබා ගත්තා වැනි මෝහනයකට ලක් වීීමට ඔවුන්ට වරම් හිමිවී ඇත. එතනින් ඔබ්බට සියළු පාලන බලතල මෙහෙය වෙන්නේ ඔහුට අවැසි ලෙස නොව ප‍්‍රාග්ධන උවමනාවන්ට අනුව සුළුතරයක් මතය. පසුගිය දකුණු පළාත් සභා ඡුන්දයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේ රෝහණ උපුල්ය. ප‍්‍රතිපල ප‍්‍රකාශ වන මොහොතේ ඔහුගේ ආධාරකරුවන් වන පීඩිත පන්තියේ මිනිසුන් විශාල සංඛ්‍යාවක් ජයග‍්‍රහණයෙන් උද්දාමව පී‍්‍රති ඝෝෂා කරමින් මැතිවරණ කාර්්‍යාලය අසළ රැුදී සිටිනු දක්නට ලැබුණි. මන්තී‍්‍රවරයා පැමිණි පසු පිරිස පොර කමින් ඔහු වටා එක්වූ අතර ඇතමෙක් ඔහුගේ සුපෝඛභෝගී සුදු පැහැති රථය උඩටද නැගුණි. කෝපාවිෂ්ඨවූ මන්තී‍්‍රවරයා කෑ ගැසුවේ මගෙ වාහනයේ කුණු ගාන්න එපා කියාය. ධනේෂ්වර දේශපාලනය තුළ සැබවින්ම පීඩිතයා කුණු කසළ බවට පත්කර ඇත. මෙම නායකයින් වටා පී‍්‍රතිඝෝෂා කරණ පීඩිතයින් කෑගසන්නේ අපේ එකා දිනුවා කියාය. ඔවුන් වෙනත් ධනපති අපේක්ෂකයෙකුට සහාය දුනු වෙනත් පීඩිතයින්ට ඔච්චම් කරයි, ගහ මරාගනී. අපට අසන්නට ඇත්තේ ඌ උඹලගෙද කියාය. උඹල කාගෙද කියාය. 
මේ අප ගතකරණ නිමේෂයට ආපහු ආවොත් දේශපේ‍්‍රමී මහින්දත් ප‍්‍රජාතනිත‍්‍රවාදයේ  මුරදේවතා මෛතී‍්‍රත් සටනට ඇවිත් කළින් කිව්ව වගේ රසකර කර බලන්නට මාධ්‍ය තුළින් විවිධ ජවනිකා රග දැක්වෙනව. වෙනදා 7.30 , 8.30 ටෙලිනාට්‍ය බලන්න මිනිස්සු කොහේ ගියත් ගෙදර දුවන් එනව වගේ දැන් පුදුම උනන්දුවකින් ප‍්‍රවෘත්ති බලන්න කට්ටිය එන්නෙ. මේ ක‍්‍රමයේ අර්බුදයට, පීඩිත පංතියෙ මිනිස්සුන්ගෙ සැබෑ ප‍්‍රශ්න වලට මේ දෙන්නගෙන් කාගාවද උත්තර තියෙන්නෙ? මේ වෙලාවෙ මහින්ද පරද්දන එක තමයි වැඬේ අනිත්ව පස්සෙ පුළුවන්, මෙයා හිටියොත් මොකුත්ම කරන්න ලැබෙන් නෑ, මේ වගේ කථාත් හැම තැනින්ම අහන්න ලැබෙවනව. ප‍්‍රශ්නෙ මිනිස්සු ඉතිහාසය පුරාවටම කළේ මේකමයි. එන එන තත්වයන්ට ධනපති ක‍්‍රමයම ලබාදෙන විකල්ප තෝරන එක. එතනින් එහාට තමන්ගෙම වුණු සැබෑ විසදුම් වෙත ඔවුන් පෙළ ගැසෙන් නෑ. අන්තිමට ඒ කොයි විකල්පයත් තාවකාලික ප‍්‍රගතිශීලීත්වයක් විනා සුපුරුදු තැනටම ඇද වැටෙනව. මොකෙක් හරි නායකයෙක් බලයට ගෙනත්  එයා වැඬේ කරනකන් බලන් ඉන්නව. දේශපාලනිකව ඒ තැන් වලට මැදිහත් වෙන්න තමන්ට හයියක් නෑ, ඒක තමන්ගෙ වැඩක් නෙමෙයි කිය කිය හැමදම හූල්ල හූල්ල තමන්ගෙ වැඩක් බලාගෙන ඔහේ ඉන්න්ව. ධනේෂ්වර දේශපාලන ඇස් බැන්දුම් වලට රැුවටෙන් නැතුව ජනතාව ඔවුන්ගේ දේශපාලනික අවකාශයට කඩා පැන එය තම අතට ගැනීමට කාලය පැමිණ ඇත.

  ( රිවිහාර පින්නදුව )
-ජනරළ-


Monday, March 9, 2015

නීතිය රමණයේ.............


නීතිය රමණයේ.............


උඹේ කන්‍යාභාවය ගැන
අපි හොදට දන්නව
ඇස් බැදන් මක්කරනවද
පිස්සු කෙළින් නැතුව
කඩුවත් අමෝරන්
කඩා පැනපිය
අවනීතිය මතට...............

( රිවිහාර පින්නදුව )

(  https://www.facebook.com/photo.php?fbid=798882983521787&set=a.169941886415903.41399.100002002790094&type=1&ref=notif&notif_t=like )

Sunday, March 8, 2015

අත්තටු ලැබේනම් හදකට....


අත්තටු ලැබේනම් හදකට....


දුරක දුර ඈතක
ඒත් හද ළගපාතක
ඉකිගසන සිත් අහසක
කදුළු වැහි කෝඩෙක
මතකයන් අකුණු සැර
පොළෝ හදවත විනිවිදින
සැඩ සුළං හැගුම්බර
හමනකොට සුවදක් රැගෙන
අත්තටු ලැබේනම් හදකට
පියඔා ඒවි ඇසිල්ලක
සොයාගෙන සොයාගෙන

( රිවිහාර පින්නදූව )

මේක අරුම ටවුමක්..............



මේක අරුම ටවුමක්..............


අද පෝය
හැමදාම සිල් ගන්න නගරයක
උවැසි උවැසියෝ
අපි ඔක්කොම
නෙක වර්ණ සළුපිළි
සයුරත් පහුකරන් මෙහි ආව
අවන්හල් රසබර
රැටත් මෙහෙට ඉර පායනව
ඉතිං කළුවරක් නෑ අපිට
අයිසිං තවරපු නගරයක
මදය මොනතරම් තිත්තද
දුම් රොටු සුළගෙ නැළවෙන
බොපත් සිසිළ සෙවණ යට
ගෑණු ඇගවල් විකිණෙන
කාසි කොට ශිල්ප උරයකට
ගන්නට ආව මානවක රැළ
විඩා නිවනා නවාතැන්
පැයට හත්සියයට රත්වෙන
මංගල රැයක කදුළු බොන
ලේ බිංදු කොහෙන් පෙන්නම්ද
මග වැරදෙනා ජීවිත
පාර සොයාගෙන ඇවිදින්
තව තවත් පැටලෙන
අතරමං වී ලතවෙන
කොච්චර දැගළුවත්
ජීවිතේ සිල්ලරටම ඉල්ලන
ඉරි ගසා කියන්නට
මායිම් කොහෙද දිවියක
කවුද කාටද රැවටෙන
දන්න නොදන්න හීනෙක
ආතුරවු රෝගීන් ගැවසෙන
නගරයක් මැද
එළාගෙන ඉටි කොළයක්
කියමින් අදෝනා
හිගන්නට හිතයි මට
හදවතක් දෙන්න මට හදවතක්
මේක අරුම ටවුමක්
මස් කඩ වහපු
අද පෝය....................

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=797361867007232&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )