Friday, February 27, 2015

මේ කදුළු ලස්සනද...................?



මේ කදුළු ලස්සනද...................?


බදාගෙන දියණිය
අඩනකොට ශෂී
කොචරනම් උනත්
දුක නැද්ද අපිට
වෙහෙර දෙව්කොට ඈව
නටන රංගන දකිනකොට
ලාබෙට කොත්තමල්ලි 
බොන්නට හිතයි මට
මතකයන් දුරගිය
කූගන්ගෙ පොඩි දූත්
අප්පව හොය හොයා
අඩනවා ඇතිනේද
පෙරදාක මහත්_රු
එකතුවී කදුළු විකුණුව
හිරගෙදර බිත්ති පෙගෙනව ඇතිනේද
විභූෂිකා නාඩන්න
තල් අරණෙ ගිණිඅව්වට
කොච්චර දුවලගෙ කදුළු
වාෂ්ප වෙනව ඇත්ද
ලෝකෙට හොරෙන් නොදැනීම
පොල්රුප්පාවෙ වධකබිම් මත
පෙරදාක ඇද‍වැටුණු
ස්තී‍්‍ර කදුළැලි එකතු කළානම්
කදුළු ගංවතුර ගලාවි
බටලන්ද එළියකන්ද යටකරන්
වැජ‍ෙඔනා තුරු ගහලයන්
මන්දිරවල ඊයෙත් අදත්
දෝණි කදුළක්වත්
වටින් නෑ උඔලගෙනම්
හිත්වල තැළුණු පොඩිවුන තැන්
මත තවරන්න වේදනා නාශක
හැබෑ උත්තර අපි
දෙන්නෙ කවදද උඔලට
ආයෙ ආයෙත් හිතෙනව මට
මේ කදුළු ලස්සනද
මහතුනි එතකොට
අර කදුළු කාගෙද
ඇයි ඒව කැතද?

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=793910977352321&set=a.169941886415903.41399.100002002790094&type=1&ref=notif&notif_t=like )

Saturday, February 21, 2015

ඔයා දන්නව නේද?................................



ඔයා දන්නව නේද?.................


පොද වැස්ස වැටෙනකොට
කුඩය යට ඉන් නැතුව
වැහි දියට ඉඩදෙන්න
හෙම්බිරිස්සාව හැදිල කැහැ කැහැ
අඩුවට කොත්තමල්ලි බොන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
පාරෙ වම් පැත්තෙන් ඇවිදින්න
කහඉරි නැති තැන් බලල පාර පනින්න
රෑට උදේට කාල
හවසට දවල්ට කන්න
තේ බීල අත හෝදන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
රෑට හීතළේ මිදුලට යන්න
තණ බිස්ස උඩ නිදාගෙන තරු ගණින්න
මුහුදු වෙරළට යන්න
වැල්ලෙ ලොකුවට අපේ නම් ලියන්න
මුහුද රැළි ගහල 
ඉවරවෙනක්න් බලන් ඉන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
මල් අතුුල මාවත ළගදි
කටු අකුල් මග දෙසට යන්නට
කළුගල් මත ඉදන් 
පිච්ච මල් කවි පබදින්න
කුරුළු ගීයක තානමට
සමනළ පියාපතක් මත රගදෙන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
සටන් පාට මෘදු ස්වරයට
අව්කට්ට සීතළයි
කදුළු ගෑස් පෙම්බරයි
වෘක්කයින් එක්කල
තේ හැන්දක් අරන් සටනට යන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?
කුණු ගොඩක් උන ලෝකයක
නිළ මැස්සෙක් නොවී ඉන්න
මහා ගිරිශිඛරයට
අතකැඩී ලේ ගැලුවත්
එක කුළුගෙඩි පාරක් හරි ගහන්න
මද පවනෙ සැදෑවක
නුඔ දෑත් අල්ලන්
අවරදිග අහසෙ පියඔන්න
මං ආසයි කියල
ඔයා දන්නව නේද?

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=791109037632515&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )

Saturday, February 7, 2015

දෂ්ඨනය සුන්දරයි....................



දෂ්ඨනය සුන්දරයි....................



සමනළුන් තටු කඩා
මසා විසිතුරු ඇදුම්
ඉතිං දැන් හැඩදැයි
මගෙන් නොඅසන්න
යකඩ යක් සේනා
මරුවිකලෙන් දුව ඇවිත්
සල්ලි කුණු පිළීගද
ඉවකරයි උන් දසත
යුධවැදී වන සෙන්පතීන්
මරු වැළද ඇද වැටෙයි
රණ බිමෙහි ජීවයෙහි
කාපට් පාවඩ මතින්
දුම්රොටු උඩුවියන් යටින්
වඩමවනකොට කොන්කී‍්‍රට් සංවර්ධනය
රෑ නියොන් එළි ස්වප්නයක
හැකිවේද මටත් සැතපෙන්න
ඇස් වසාගෙන මොහොතකට
තදින් හුස්මක් රැගෙන
අනන්තය තෙක් පැතිරි
නිහඩබව විදින්නට ඇසිල්ලක්
නොමැති ලෝකයක
චන්දි‍්‍රකා උඩයවනකොට
මට එන්න වෙන් නෑ 
විසිල් ගහන්නට
වැසිකිළි යන්න තියනවනෙ මට
බොන වතුර ටික විෂ වෙද්දි
පෙප්සි බොමු අපි
සෙට් වෙලා කැෆේ එකකට
රතුවෙච්ච රතුපස්වල
තුන්තාන මතකයන් ඉකිබිදින 
ගොවි පුතුන් බඩසයින්
උදැල්ලෙන් කොනිති ගසන සද
සෙනෙහසින් ඉනුව කිරි
හොරකන් කරන්නේ කවුරුන්ද
උමා ඔය සුකුමලිය
කෙළසන්න ධනයේ කාමාතුරයින්
ඇදෙන එක අරුමයද
දූලිකොට ජීවිත
හීනත් කේවල් කරණකොට
ඇහැරෙන්න හිරිකඩා
තවත් කල් ඔ්නෙමද
විෂඝෝර සර්පයෙක්
වෙළාගෙන සියොළගම
අනේ සීතළට උණුහුමයි
විෂ දතුත් හරි හැඩයි
දෂ්ඨනය සුන්දරයි
අපි මත්වෙලා උන්නත් 
සර්පයා අවදියෙන්

( රිවිහාර පින්නදූව )

( https://www.facebook.com/photo.php?fbid=784677741608978&set=a.169941886415903.41399.100002002790094&type=1&theater&notif_t=like )


Tuesday, February 3, 2015

සිරකූඩුවක නිදහසක්...................



සිරකූඩුවක නිදහසක්...................


මන් සොයන නිදහසක
අකුරැ අද ඇදවෙලා
ජාතික කොඩි වැනුව අතීතෙක
මතකයන් සිරවෙලා
සිරකූඩුවක නිදහසක්
සමරන්නෙ කුමකටද
මන් මගෙන් අහනවා
මා තුළම යදම් ලූ
වධකාගාරයට 
මා කෙළස නම්දෙම්ද
ජාතික නිදහස කියා
මා ඉන්නෙ සිරගෙයක බව
හිතන්නටවත් නිදහසක් නැති
මිනිස් පඹයින් බෝවෙලා
ඉතින් මේ යදම් බිදළා
මිනිසත්කමේ නිදහසක්
සොයා යන මිනිසුනේ
නුඹලායි මගෙ ධජය
ළෙලදෙන හදවතේ..............

( රිවිහාර පින්නදුව )

( https://www.facebook.com/photo.php?fbid=595517837191637&set=pb.100002002790094.-2207520000.1423026146.&type=3&theater )