Friday, August 7, 2015

වෙනුරගෙ පෙම්වතී ඈ.....


වෙනුරගෙ පෙම්වතී ඈ.....


උන් වීරයො
කේවල් නොකර
කැප කරපු දිවියම
අප කෙරේ පේ‍්‍රමය නමට
ලියුවට ගොඩක් දේ උන් ගැන
වෙනුරට ති‍්‍රමාට
හිටියද පෙම්වතියක්
හිටියනම් මොනවගේ
වෙන්න ඇතිද ඒ ආදරේ
අපේ හිත් තුළ ඇදුණු
ඒ මහා යෝධයින්
හරිම සරළ පෙම්වතෙක්
වෙන්න ඇතිනේද ඇයගාව
තරුණ ලේ ඉවකරණ
පිසාචයො සරණ සමයක
දඩ බිමට ඔහු යද්දි
දඩයමක් වෙන බව දැනම
ගිණියම්ව හදවත
කොච්චරනම් උනත්
ඇය භියෙන් සැලෙන්න ඇති
ඇගෙ උපන් දිනය දා
චොක්ලට් පෙති රෝස මල් නොව
පණිවිඩයක්වත් යවන්නට
මගක් නොවෙන්නැති ඔහුට
අන්තරේ වැඩ වලම
හිරවෙලා ඉන්න ඇති
ඔයා කෑවද?
මං කන්න හදන්නෙ
පණිවිඩේ නාවාට
රණ්ඩුවෙන අපෙ ආදර ගාව
මේ කවිය හිරවුණේ
උන් ගැන ලියන්න
මගෙ වචන මදි හින්ද වෙන්නැති
ටයරයක් මත දැවී
ඒ සෙනෙහෙ
අකාලික වෙන්න ඇති
සරසවියෙ තුරු වදුළු
ඒ අරුම පෙම්වතුන්
එනතුරා තාම මග බලන් ඇති
රොබරෝසියා සුවඳෙ තාමත්
ඒ හාදු උණුසුම තැවරෙනව ඇති
උන්ගෙ හිත්වල තිබුණු
ඒ විසල් හැගීමට
කියන්නෙ ආදරේ කියල වෙන්න ඇති

(රිවිහාර පින්නදුව)

https://www.facebook.com/photo.php?fbid=856902944386457&set=pb.100002002790094.-2207520000.1438947213.&type=3&theater

6 comments:

  1. පට්ට මචං....
    අන්තිමේදි හරි සාධාරණයක් ඉෂ්ඨ වෙන්ඩ යන එක ගැන සතුටුයි!

    ReplyDelete
  2. උන් කොච්චර ලොකුද හැබෑට අපි වගේ එස් එම් එස් පෙම්වතුන්ට වැඩිය

    ReplyDelete