Thursday, July 16, 2015

ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


ජවිපෙ මැද පන්තියේ යදමින් බැද දැමීම


අහන්බෙන් ඇස ගැටුණු මෙම පෝස්ට් එකක් හා එහි වූ කමෙන්ට් තුළින් වමට ඉගෙන ගතයුතු යමක් වේ යැයි සිතුනි. එහි තිබුණේ ජවිපෙ දිනවමු ලෙස මහා මාර්ගයේ ලියූ ප‍්‍රකාශයකි. මෙම පෝස්ට් එක දැමූ හා කමෙන්ට් කළ පිරිසට මෙය අවුලකි. ජවිපෙන් ඔවුන් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු නොවේ. මේ වගේ වැඩ කළොත් ඡන්දය දෙන එක ගැන සිතා බැලීමට වන බවත් ඔවුන් පවසයි. අනිත් අතින් ඒ පිරිස සතුටු වන ආකාරයට දේවල් පෙළ ගැසෙමින් තිබෙයි. මෙහි අදහස් දක්වන ජවිපෙ සොහොයුරන් පවසන්නේද පාක්ෂියන්ද මේ ගැන කතා කරණ බවයි. ඒ ඔවුන් අතරේද මෙය අවුලක් යන අදහස මතුව ඇති බවයි. එසේම පෙර ඡන්ද ඉලක්ක කොට වැඩ විදිහට එක රැයින් පධාන පාරවල් විතරක් නෙමෙයි අතුරු පාරවල් පවා සීනු වලින් වැසූ යුගයක් තිබූ බව අපිට මතක ඉතිහාසයේද ඇත. අද එළෙස පචාරක උපකමයක් ලෙස පබලව යොදාගන්නා අයුරු දැකගැනීමට නොහැක.
ලංකාවේ මැද පන්තියට එජාපයේ ශී‍්‍රලනිපයේ ඇති අවුල් නැති හොද ධනේෂ්වර පක්ෂයක් (හොරකන් කරන් නැති බුද්ධිමතුන් ඉන්න දියුණු ධනේෂ්වර පක්ෂ මේ ආකාරය) ඕනෑ කර ඇත තමන්ගේ ඒ උවමනාවට ඔවුන් ජවිපෙ භාවිතා කරයි. පසුගිය කාලය පුරාවට ජවිපෙ සිදුකළේද මෙම කාර්යය භාරයයි. මැද පන්තියේ ඇතැම් ආස්වාදයන් බිදහල මහින්දට එරෙහි වීම, ව්‍යවස්ථා සංශෝදන ආදියම ප‍්‍රමුඛ කර ගැනීම (මේවාද ඇතැම් තැන්වල වම කළ යුතු අතර නමුදු වැඩේ එය කරගෙන ඒ තුළ ගිලීයාම අනෙකකි) වැනි දේ තුළ ඔවුන් මෙම පිරිසට ආස්වාදය ගෙන එන ලදී. හොදින් සමාජය දෙස බැලුවොත් රජරට වකුගඩු අර්බුදයේ පටන් ජවිපෙට තම සංවිධාන හා පිරිස් බලය යොදා ඉහළට එසවිය හැකිව තිබූ පීඩිත අරගල හා සටන් පාඨ රාශියක් තිබුණු නමුත් මහින්ද එළවීම 19 සම්මත කිරීම වැන්නකට හැර ඔවුන් ඒ අරගල කිසිවක් තම ශක්‍යතාවයට සාපේක්ෂව අතට ගත්තේ නැත. අවම වශයෙන් පීඩිත සටන් කරණ බලවේග මර්දනයට හෙට යොදාගන්නා පැය 48 අත්අඩංගුවට ගැනීමේ පනත, පාසල් වලින් ගාස්තු අය කිරීමේ පනත ආදියට පාර්ලිමේන්තුව තුළ අතක් උස්සා විරුද්ධව ඡන්දයක් පාවිච්චි කරන්නට හෝ ඔවුනට උවමනාවක් නොවුණා සේම පාක්ෂිකයන් වෙතින් මෙන්ම වෙන කිසිවෙකු ඒ පිළිබදව ඔවුන් ප‍්‍රශ්න කරණු නොදුටුවෙමු. නමුදු පාරෙහි සීනු ඇදීම ප‍්‍රශ්න කෙරෙන අතරම ජවිපෙ සහෝදරවරුද අපි ගෙනෙන විවේචනයන් හමුවේ ප‍්‍රතිප‍්‍රහාර දක්වන ලෙස නොව මෙය පිළිගන්නා සෙයක් දක්වන අතර මේ පිළිබදව තමන් කතා කරන බවද පවසයි. පෙරකී පනත් නොදුටුවා සේ මගහරින විට ‍පාක්ෂිකයින් ඒ පිළිබදව පාරේ ලිවීම ගැන තරමටවත් සංවාද ගත වූවාද යන්න සිතා බැලිය යුතුය
කම්හලේ බිත්ති මත අගුරු කැටයෙන් ලීව කුරුටු ගී මගේ මහ ගී පොතයි යැයි කීවේ නන්දාය මේ දෘෂ්ඨියෙන් බැලුවොත් එය තමන් සේවය කරණ තැන ලස්සනට තියෙන බිත්ති කැත කරණ අවුල් වැඩකි. පසුගිය කාලයේ ලලිත් කූගන් සහෝදරවරු අතුරුදහන් කළ විට හා කුමාර් සහෝදරයාගේ දේශපාලන නිදහස අහිමි කළ විට මෙම උපක‍්‍රමය පෙසප භාවිතා කරණ ලදී. සමාජවාදී තරුණ සංගමයෙන් ඉස්සර චේ ගේ මුහුණ තාප්ප පුරා ගසා ඒවා කැත කළ අතර අදද පෝස්ටර් තට්ටු ගැළවුණු වෙලාවක එහෙන මෙහෙන් චේ ගේ මුහුණ මතුවෙනවා දකිද්දී ගෙනෙන්නේ ආස්වාදයකි. වමේ සහොදරවරුන්ට කියන්නට ඇත්තේ සහෝ අපි බිත්ති තාප්ප පුරා ලියමු, ජවිපෙ දිනවමු හෝ පෙසප දිනවමු කියා නොව වමේ සඨන් පාඨ මේ හැම තැනම ලියමු. අප මැද පන්තීන් දිනාගත යුතු අතර ඒ ඔවුන්ට අවශ්‍ය දේ කර ව්‍යාපාරයේ සාරය දියකර හැරීමෙන් නොව අද ඔවුන් විකාරයක් හෝ අවුලක් සේ දකින ‍වමේ කතාවට ඔවුන් දිනාගැනීම තුළින්ය. එය ‍මේ වගේ පහසු නොවන වෙහෙසකර හා දිගු දුෂ්කර එමෙන්ම ජනපි‍්‍රය නොවන ව්‍යායාමයක් වනු ඇත. නමුදු වමේ ගමන ඇත්තේ එහිය. 
යමෙකු දියුණු ලෝකයක මේවා ග‍්‍රාම්‍ය උපක‍්‍රම ලෙස පැවසිය හැකිය. නමුදු යුරෝපය වැනි දියුණු ධනේෂ්වර රටවල පවා රැඩිකල් හා වාමාංශික කණ්ඩායම් තම සටන් තුළ මෙම වීදිවල සටන් පාඨ ලිවීමේ උපක‍්‍රමය භාවිතා කරයි. මේවා සිවිල් නීති කැඩීම් විය හැක ගැටළුවක් නැත ඒවා ඇත්තේ කැඩීමටය. (මෙය භය හිතෙන ප‍්‍රකාශයක් උවද මහත්මා ගාන්ධි පවා අනුගමනය කළ දෙයකි) අන්තරයට පා ගමන් නවතන්නට දිගින් දිගටම අධිකරණ නියෝග ගෙන එන විට ඒවා දිගින් දිගටම කඩ කළ අතර අවසන අධිකරණයම පොළිසියට නැවත මෙවැනි ඉල්ලීම් නොකරන ලෙස දැන්වීය. එම සිවිල් නීති කඩ නොකළේනම් සම සෞඛ්‍ය අරගලය ඇතුළු කිසිදු මෑතකාලීන සටනක් ශිෂ්‍ය ව්‍යාපාරය ජය ගන්නේ නැත. අවසනට සොහොයුරණි අපි මේ ලස්සන මැදට පැන වකුගඩු රෝගීන් ගැන කුණු කදු වලට යට වෙලා ජීවිත අපායක් වුණ මිනිසුන් ගැන කුරුටු ගා කැත කරමු. මේ නිහඩ බව මැදට පැන වෙළද කලාපවල නැහෙන සොයුරියො ගැන අධ්‍යාපනය විකුණන් කන එක ගැන බෙරිහන් දෙමු. ඔය ලස්සන කියන ඇස් නිලංකාරවෙන ෆැන්ටසියෙ තියෙන්නෙ ලේ කදුළු වලින් හැදුණු මානව ඛේදවාචකයක් මිසක් වෙන මොකුත් නෙමෙයි. එ් හින්ද ඕව කැත කරණ එකම තමයි කරන්න ඔනෙ.

(රිවිහාර පින්නදූව)

6 comments:

  1. එකෙන්ම එකගයි!!
    ඒත් දැන් ජෙවිපෙ වෙනස් කියන මතයේ මම ඉන්නවා!! දැන් සහෝදරවරුන් නෑ..ඉන්නේ පාක්ෂිකයෝ!!
    දැන් ජවිපෙ ගන්නේ බලය තිබෙන පැත්ත මිසක් පීඩිත පංතියේ පැත්ත නෙවෙයි!!

    ReplyDelete
    Replies
    1. ටික ටික ගිය නායයාමක් දැන් පේන්න ගන්නව

      Delete
  2. ඔබ සහයෝගය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අය මොන පන්තියේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ටයි එකක් දාගෙන කම්පිය්ටර් එකක් ඉස්සරහ ඉදන් ඉන්න රස්සාවක් කලා කියල පීඩිත පංතියෙන් මිදෙනවද කියන පශ්නය එනව. මං ඇතුළු පක්ෂයෙ ගොඩක් සහෝදරවරු ශීෂ්‍ය සංගමය හරහා දේශපාලනයට ආපු උගත් තරුණයා කියන කාණ්ඩයට අයිතිවෙන්නෙ. අනිත් සහොදරවරු බැලුවත් පීඩිතම ස්ථරයෙ සහෝදරවරු අඩුයි. ඒකෙන් ඒ සිතන පතන විදිහෙ බලපෑම ව්‍යාපාරයට නැතුව නෙමෙයි ඒත් අපි ඒ ගැන අවබෝධයකින් ඒකට විරුද්ධ අභ්‍යන්තර කියවීමක නැත්නම් අරගලයක ඉන්නව

      Delete
  3. මම නම් හිතන්නේ පෙසපේ හුඟක් කට්ටිය පිට රටවල සහයෝගය දෙන අය පවා පහල මද පන්තිය හා මධ්‍යම පන්තිය නියෝජනය කරන්නේ. ඒ ගොල්ල හිතින් වුනත් හිතන්නේ නැහැ තමන් පීඩිත පන්තියේ කියල. ඒ ගොල්ල හිතන් ඉන්නේ අපි ටිකක් ඉහල පන්තියක නමුත් අපේ කාර්ය භාරය තමා නිර්ධන පන්ති විඥානය පීඩිත පන්තියට රැගෙන යාම කියල. මොකද ඒ පන්තිය එහෙම එකක් ගැන දන්නේ නැති නිසා. ඒ අතින් ජවිපෙ දැන් ස්ථාවරයයි ඒකයි අතරේ වෙනස මොකක්ද ?

    ReplyDelete
  4. ''නමුත් අපේ කාර්ය භාරය තමා නිර්ධන පන්ති විඥානය පීඩිත පන්තියට රැගෙන යාම කියල'' මෙතනයි පශ්නෙ ජවිපෙ වර්තමාන කියාකාරීත්වය ඇතුළෙ එහෙම දෙයක් වෙනවද? හොරකන් කරන් නැති රතු පාට තවත් අධිපති ධාරාවේ පක්ෂයක් බවට පත්වෙමිනුයි ඉන්නෙ. ඒක ඒ අයගෙ පතිපත්ති පකාශය සටන් පාඨ, කතා මේ හැම දෙයක්ම ඇතුළෙ පේන්න අරන් තියෙන්නෙ

    ReplyDelete