Thursday, June 25, 2015

දෙවියො අල්ලස් ගන්නවා


දෙවියො අල්ලස් ගන්නවා


හැමෝම යන හින්ද
හොරු අල්ලන්න
කොමිසමට අල්ලස්
මටත් හිතුන යන්න
පැමිණිල්ලකුත් අමුණන්
විභාග හොරට
පාස් කරල දෙනව ඇත්තමයි
වැඬේ කරන්න 
කළින් ගාණයි
පස්සෙ ගාණයි
ලෙඩ හොදකරන්න
රස්සා ගන්න
කසාද හරියන්න
එච්චරක්නම් බැරියැ
අත පය කඩන්න
හැදිගෑවිලා යන්න
දහසකුත් දේ වෙනව
එකම වහළක් යටින
වැඬේට විතරක් නෙමෙයි
පස්සෙ එක එක දේට
ආයෙ ආයෙත්
ගෙවන්න වෙනව
සල්ලි විතරක් නෙමෙයි
පළතුරු වට්ටි මල් මාල
තවත් එක එක දේ
අල්ලසට ගන්නවා
ඇත්තමයි
මුළු ගමම සාක්කියි
දේවාලෙ කපුව
ඉස්සරහට දාලයි
වැඩ ඔක්කොම වෙන්නෙ
කොමසාරිස්තුමනි
ලියාගන්න මගෙ පැමිණිල්ල
අපේ ගමේ දේවාලෙ
දෙවියො අල්ලස් ගන්නවා

( රිවිහාර පින්නදුව )
( https://www.facebook.com/photo.php?fbid=847515471991871&set=pb.100002002790094.-2207520000.1435217603.&type=3&theater )

3 comments:

  1. ඒක නම් සිරාම සිරා...

    ReplyDelete
  2. මේකට බ්ලොගර් ෆලෝවර් ගැජට් එක දාන්න

    ReplyDelete