Wednesday, January 14, 2015

හීන සරුංගල් අරිනට......



හීන සරුංගල් අරිනට......


දුකක් සගවනා ඇස් යට
සිනහවක් තවරාගෙන
දුරක ගහන් යන ජීවිත
ළගදි සිල් ගන්න ඔ්සෙට
පාර අද්දර ඉදගෙන
අත පාන පොඩි එකෙක් මුව අග
මුමුණනා ගීයක පද වැල
ආණ්ඩු පෙරළන රතිඥ්ඥාවක
හඩින් තනුවක් ලැබේවිද
හදවත් විකුණ සිල්ලරට
ලැබෙන සල්ලි දී
සුපර් මාර්කට් එකකට
ලොලි පොප් අරන් උරන කොට
දැනෙන ආතල් අපමණ
මිනිසුන් සොයා ඉවකරණ
සටන් බිම් මග නොහැර
පැළුණු දෙපතුල් රිදුම් දුන්නත්
අඩියක් තබමු පෙරටම
විහග තටු සිදුණද
අධිඨනක් වැළලේද පොළවක
රෝස මල් සොයමින
පිච්ච මල් පොඩිකර
සෙන්ට් තවරපු සියොළග
පිච්ච සුවදයි යහමින
කදුළු හිනාවෙන ලෝකෙක
දුකට බැලුම් අද පුම්බමු
රැළි දාල හැඩකරල ගත්තම
බඩගින්නත් හරි ලස්සනයි
ඉතිං බලන් ඉමු ඉඔ ඉඔ
ලැම්බෝගිනියක නැගී නිවනට
යන්න ෂෝට් කට් හොයමුද
අළුත් කැබිනට් එක
දිවුරුම් වෙන වහළෙට නැග
ඔයත් එනවද මා එක්ක
හීන සරුංගල් අරිනට......

( https://www.facebook.com/photo.php?fbid=773277232749029&set=a.169941886415903.41399.100002002790094&type=1&ref=notif&notif_t=like )




4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15361-2015-01-16-21-41-39

    ReplyDelete
  3. අදමයි මේ පැත්තට අාවේ..... කොහොම මග හැරුණාද දන්නෑ.... හැකිනම් අපේ සිංහල බ්ලොග් සින්ඩි වලට ඒකතු වෙන්න.... හැම ඒකකට ම වාගේ ඒන්න... ඒක මේ පැත්තට ඒන්න අනික් අයටත් උදව් වේවි....

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවියට ආගන්තුකයි. සිංහළ සිනඩි කුමක්දැයි පැහැදිලි නෑ. හැකිනම් උදව් කරන්න

      Delete